Blogger Widgets

Monday, November 5, 2012

Drill Display



කිසිම kick එකක් නැතිව ඔහේ පොත්පත්එක්ක පාඩම් වැඩවල ඇලිලා හිටපු අපිට එකපාරටම මාර වැඩක් set වුණා. ඒ 2009 අවුරුද්දේ. අපිට ඉහලින් නියෝගයක් ආරාධනාවක් ලැබුණා drill display එකට සහභාගීවෙන්න කියලා2009 සහ 2010 අවුරුදු දෙකේම. මේකෙ practices තියෙන දවසවල, ඒ කියන්නෙ පටන්ගැන්මේ ඉඳලා පළවෙනි වාරයේ අගක් විතර interval වෙනකම්ම උදේ වරුවම අපිට practices. ඒ නිසා ඉතිං interval එකට කලින් periods හතරම free .

අපි ඉතිං කාලා බීලා එහෙම, cap එකක් කාරිය දමාගෙන ground එක පැත්තට පාත්වෙනවා ඉස්කෝලෙ පටන්ගත්ත ගමන්ම*. Ground එක කිව්වාට කොහෙද අප්පා අපිට grounds? එක්කො කිසිම සමතලා බවක් නැති rampart එක හරි, Army ground එක හරි තමයි හැමතිස්සෙම අපේ පිහිටට එන්නේ.මොන හේතුවක් හින්දා ද මංදා ළමයි කවුරුවත් මේ තැන්වලට යන්න අකැමති? කියලයි කට්ටිය හිතන්නේ. ඒත් චාටර් කාපු අපිනෙ දන්නේ තැනේ තත්වෙ..(Display එක practice කරනවා දැකලා දැකලාම කොටුවෙ මිනිස්සු අපේ sports meet එකේ drill එක බලන්නේම නැතිලු. ඇයි ඉතින් ඔක්කොම out නේ :)) )

 මේ දවස්වලට අපේ කැන්ටිමට මාර බිස්නස්.ඇයි ඉතින් කට්ටිය අර අව් කාෂ්ඨකේ පිච්චි පිච්චි ඉඳලා ඉස්කෝලෙට එන්නෙ හාමතේ වගේම මාසයක් විතර කාන්තාරෙක අතරමං වෙලා හිටපු කට්ටියක් වගේ නේ =) ඉතින් හිස් වතුර බෝතල් වගේම කෑම පෙට්ටිත් මොනවා කරන්නද? මේ වෙලාවට තමයි කැන්ටින් දෙවියා පිහිට වෙන්නේ. බලන්න ඕන මේ වගෙ වෙලාවක කැන්ටිමේ ඉන්න සෙනඟ, රොත්ත පිටින්ම ඇවිල්ලා. උණු කැවුම් වගේ යන්නේ ඉතිං ice cream සහ milk packets තමයි.මේ වගේ දේකින් සිසිල් කරගත්ත හදවත්වල සිසිල යකාට යන්නේ කවුරුහරි ඇවිත් අවේලාවෙ කන්ටිමට ඇවිත් ඉන්නවා කියලා සද්දයක් දානකොට තමයි. ගිනි ඇවිලෙනවා. ඒත් මොනවා කරන්නද ආපහු හැරිලා පන්තියට බඩගාන්නෙ නැතුව ආයේ මොනවහරි ගිලින්න අතේ සතේ නැතිකොට.

අනිත් වැදගත්ම දේ තමයි අපිට කොච්චර මහන්සිද, අපි කාලා බීලාද කියලාවත් හොයන්නේ නැතුව drill practice එකට පස්සෙ තියෙන period එකට අදාල teacher බෙල් එකට වැදෙන්න නොදී පන්තියට එනකොට එපා වෙන හැටි. මොන මහන්සිද? හිටු කියලා ලියපල්ලාකෝ මහාවංශය වගේ මෙලෝ හසරක් නොතේරෙන එක එක notes:P

මතකද අපේ සහෝදරියොන්ට දහය වසරෙදි දවසක් අපි practices ඉවරවෙලා ඇවිත් jumbo jolly කකා ඉද්දී science මිස් පන්තියට ආවා උගන්නන්න. ඉතින් කට්ටිය ඩෙස් ලාච්චු අස්සෙ එහෙම හංගගෙන මිස් උගන්නන අතරෙ කෑවා නේ. මුළු පන්තියක් පිටින්ම...:D

9 වසරෙ drill එකට අපි ඇන්දේ රතුයි, සුදුයි stripes තියෙන zebra වගේ T-shirt එකකුයි,රතුපාට තුන්කාලෙ කලිසමකුයි :D
Picture Copyright : Google Image Search
අපි අන්තිමටම හැදුවා සිංහයෙක්ව. අර අපේ ජාතික කොඩියේ ඉන්නේ. අන්න ඒ සිංහයාව.ලස්සනට තිබුණාද කියලා නම් අපි නොදන්නෙමු. අපි ඒ සිංහයෙක් හැදුවෙ ඒ කාලෙ තත්ත්වය සලකලා නේ. ඒ යුද්ධය දිනාගෙන එමින් තිබූ වකවානුව. කට්ටිය දේශාභිමානයෙන් ඔද වැඩිලා හිටපු ඒ දවස්වල ඒ සිංහයා හදපු වැඩේ නම් වටිනවා.  එදා sports meet එකේදී සිංහයා හදලා වටපිටාව නිශ්ශබ්ද වුණාම අපිටත් පොඩි current පාරක් වගේ එකක් වැදුණා. පස්සෙ තමයි තේරුණේ ඒ දේශාභිමානයේ හැඟීමක් කියලා ;).


10 වසරෙ drill එක, එක අතකින් එළ. හැබැයි තව අතකින් නම් මාර විදියට එපා වෙනවා කන්න තියෙන කටු කෝටිය නිසාම. පහුගිය අවුරුද්දේ යුද්ධය දිනපු නිසා අපි හමුදාවට ගෞරව කරන්න ඕන කියන උතුම් සංකල්පය නිසා අපි අමාරුවෙ වැටුණා නේ. අපිට කරන්නවුණේ හමුදා drill එකක්.මේ අදහස වටිනවා තමයි. ඒත් එහෙමයි කියලා අපි කොහොමද අප්පා හමුදාවෙ අය විදියට march කරන්නේ? මේකෙන් සිද්ධවුණේ හමුදාවන්ටත් අපහාස වීම තමයි. =D මොනවා කරන්නද? ශෝක්ම වැඩේ තමයි අපිට ප්‍රධාන අමුත්තා විදියට ආපු හමුදාවෙ ලොකු මාමා කෙනෙකුට කැඳ salute පාරක් ගහන්න වුණ එක. ඒ ගැහුවෙ සමහර අත්වල gloves එක්ක. සමහර අත්වල gloves නැතුව. මේක නම් මොකද්ද හරියට costume එක නොලැබුණු ළමයි ගැන හිතද්දී.ඇයි ඉතින් අපේ costume එක අර මොන්ටිසෝරි බබාල අඳින ජාතියේ රතුපාට navy කිට් එකක් නේ. ඊයා...  

මේ මොනවා වුණත් මේ සරඹ සංදර්ශන අපේ පාසල් ජීවිතේට රසවත් මතක එකතුකරා. මේ වැඩේට අපේ මොනිකා මිස්ටයි, ශාමේන් මිස්ටයි අනිත් මිස්ලා ඔක්කෝටමත් ස්තූති කරන්න ඕනෙ (සමහර වෙලාවට අපි විසින්ම අල කරගත්තත්) මේ වගෙ අවස්ථාවක් වෙහෙස මහන්සියෙන් අපිට අරගෙන දුන්නාට. :)



*මේ විදියට අපේ අය අතරින් යහපත්වුණේ වකා වගේ කට්ටිය විතරයි. අනිත් අය හෝ ගාල sun screen cream වර්ග මූණු, අතපය හැමතැනම තට්ටු තට්ටු උලාගෙන එළියට බහින්නේ...ගොඩාක් කාලයක් අමාරුවෙන් maintain කරගත්ත ඡවි කල්‍යාණයට හානි වෙනවට. සමහරු insuranceපවා අරගෙන තිබුණා.:))) බලාගෙන යනකොට මේ කට්ටිය හරි මෝඩයි. ඇයි අනේ ඉර මාමා අපිට නොමිලේම දෙන රැස්වලින් උදේ පාන්දරම vitamin D සත්කාරයක් ගන්න මෙයාලට පින නෑ. :P

නඩේ ඉන්න අනිත් ඈයෝ....සහෘද හදවත්

ලියන්නේ...